(රංජිත් රාජපක්ෂ)
කාසල්ජි ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් සහ ගැරේජයක් අද (03) දින ජලයෙන් යට වී තිබූ අතර ගාමිණිපුර ප්රදේශයේ ඇල මාර්ගයක් පිටාර ගැලීමෙන් නිවාස රැසක්ද ජලයෙන් යට වී තිබේ.
2013 වසරේත් දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනි විපතක් සිදු වූ බවත්, යලිත් දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස ජලයෙන් යට වූ බවයි ප්රදේශාවසින් කියා සිටියේ.
ජලය ගලා බසිනා කාණු පද්ධතිය සිර වීම නිසා අවට පදිංචිකරුවන් විසින් එම කාණු පද්ධතිය පවතින වර්ෂාවද නොතකා පිලිසකර කිරිමට පියවර ගන්නා ආකාරය දැකගත හැකි විය.
මේ අතර මහවැලි ගග පිටාර ගැලීම නිසා නාවලපිටිය ප්රදේශයේ සංචාරක හෝටලයක් ජලයෙන් යට වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd